BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගෙවුන වසර දෙක විවේචකයන්ට භාර දෙමු. ඉදිරි වසර තුනේ වගකීම අපි භාර ගමු. – අගමැති මහින්ද

කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවේ දී අගමැතිවරයා මෙම අදහස් පළ කළා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඵලක් නෑ දැන්. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් ඉදිරි වසර තුන පිළිබඳවයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නොව අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට නැවත ගන්න බැහැ. ඒක අදින්න පුළුවන් වැඩකළොත් විතරයි. අපි මුහුණ දීලා තියෙන කටුක තත්ත්වය පිළිගන්න ඕනේ.  කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන ආගාධය පිළිබඳව වරායේ ගැඹුරට වඩා වැඩියි කියලයි මම විශ්වාස කරන්නේ. ඒක අපි ජනතාවට හංගන්න ඕනේ නෑ. හංගන්නෙත් නැහැ. පැත්තකින් යහපාලන ආණ්ඩුව විදේශ සමග ගහපු ගිවිසුම්. පැත්තකින් ඒවා යළි නිදහස් කරගෙන දියුණු කරන එක. මේ මරමස්ථාන නිදහස් කර ගන්නත් ඒවා දියුණු කරන්නත් මුදල් හොයා ගන්නත් ඕනේ. මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕනේ. ජාතියේ අපේක්ෂාවන් ආරක්ෂා කරන්න ලොකු කැපකිරීමක් කරන්න වෙයි. රට ගැන තියෙන බලාපොරොත්තු අතහරින්න එපා. ගෙවුණු වසර දෙක අපේ විවේචකයින්ට කරගහගෙන යන්න භාරදෙමු. අනාගතය අපි භාරගමු.”

පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමා මෙම ඵලකය නිරාවරණය කිරීමට එක්ව සිටියා.

අදියර තුනක් යටතේ සිදුකෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button