BREAKING NEWSPOLITICS

වරාය නගර භූමිය සියයට සීයක් අයිති අපිට -අමාත්‍ය අලි සබ්‍රි කියයි

වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වරාය නගර ආර්ථික කොමිසමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද (18) පෙරවරුවෙ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එහිදී “ලෝකයේ ආයෝජකයෝ බලන දර්ශක 2ක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර කරන්න වඩාත් සුදුසු රටවල් කොහෙද කියලා බලනකොට අපි ඉන්නේ 99 වන ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහුකරලා අපි එන්න ඕනේ. ඒ වගේම ගිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුණාම අධිකරණ ක්‍රියාවලියට ගියාම අපි ඉන්නේ 165 වන ස්ථානයේ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ ආයෝජකයා ලබාගන්න. මේ ආයෝජන කළාපය සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 269යි. හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඒවා දෙන්න බෑ. හෙක්ටයාර 116ක් (43%) ව්‍යාපෘති සමාගමට. 2013 ඔවුන් තමයි බිලියන 1.4ක් වියදම් කරලා මේක දියුණු කළේ. නැත්නම් අපිට තාම තියෙන්නේ මුහුදෙ කොටසක් විතරයි. සියයට 23ක් රජයේ කොටස්. හැබැයි මේ 100%ම රජයට අයිති, රජය තමයි අයිතිකාරයා. වෙන කාටවත් භූමි භාගයක් දුන්නා කියන එක සම්පූර්ණයෙන්ම බොරු.” යනුවෙන් පැවසීය.

තම විස්තර කිරීම සාරාංශ ගත කරමින් “භූමි භාගය අපේ නම් අයිතිය අපේ නම් ඔවුන්ට අයිති කොටස පවා බදු දීමට අපි අත්සන් කල යුතු නම් රටේ සාමාන්‍ය නීතිය නම් ක්‍රියාත්මක වෙන්නෙ ව්‍යවස්ථාවට යටත් නම් රටේ තියෙන උසාවි වලට ගිහිල්ලා නම් ප්‍රශ්න විසදගත යුත්තේ කොහොමද මේක වෙන කාගෙ හරි මොකක් හරි එකක් වෙන්නේ…?” කියමින් අමාත්‍යවරයා ප්‍රශ්න කිරිමක්ද සිදුකලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button