BREAKING NEWSEXCLUSIVE
“අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල ඉහළ දැමීමට සිදුවනවා” – ලසන්ත අලගියවන්න

කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ඔහු මේ අදහස් පලකළේ අද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.
එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව බවත්, මේ පිළිබඳව සතියක් ඇතුලත තීරණයක් ගන්නා බවත්ය.