BREAKING NEWSEXCLUSIVEPOLITICS

පොදුජන පෙරමුනේ අය කියන දේවල් වලට අපි කලබල වෙන්න ඕන නෑ. – මෛත්‍රී

මේවන විට පොදුජන පෙරමුණේ ඇතැම් ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පළකරන අදහස් එතරම් ගණන් ගත යුතු නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ ඔවුන්ගේ පෞද්ගලික අදහස් මිස ආණ්ඩුවේ හෝ පොදුජන පෙරමුණේ හෝ ස්ථාවරය නොවන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිසේන මහතා මේ බව පවසා තිබෙනවා.

ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉවත් වියයුතු බවට යෝජනාවක් පසුගියදා පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවටද ඉදිරිපත්ව තිබූ අතර කෙසේ නමුත් මධ්‍යම කාරක සභාවේදී එකඟතාවයකට පැමිණ තිබෙන්නේ ශ්‍රීලනිපය තවදුරටත් ආණ්ඩුව තුළ සිටිය යුතු බවයි.

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් පවසන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියද ආණ්ඩුවට එය ගැටලුවක් නොවන බවයි. කෙසේ නමුත් ශ්‍රීලනිපය ඉවත් වුවහොත් ආණ්ඩුවට හිමිව තිබෙන තුනෙන් දෙකක බලය අහිමි වී යනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button