BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපි හැදූ ආන්ඩුව මේ රටට විරුද්ධ වෙනවා නම් අපි නැගී සිටින්න සූදානම් – වාසුදේව

අප සෑදූ ආණ්ඩුව ජයග්‍රහනයේ අරමුණු යටපත් වන ලෙස තීරන ගැනීමට කටයුතු කරනවා නම් එයට විරුද්ධව නැගී සිටීමට සූදානම් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ අද එල්.එන්.ජී බලාගාර පද්ධතිය අමෙරිකාවට පැවරීම”යන මැයෙන් සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමින්..

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කලේ මෙවන් අදහසක්..

“අප විසින් දැඩි කැපවීමක් පරිශ්‍රමයක් ශරා පිහිටවනු ලැබූ ආන්ඩුව අපට බරපතල ප්‍රශ්න ඇති කරන්න්නට යෙදේ, පලමුව අපට ඇති වුනේ දුකයි. අපේ ජයග්‍රහනයේ අරමුණු යටපත් වන ලෙස මේ ආණ්ඩුවේ තීරන ගත හැකි බලය තියන යම් උදවිය තීරන ගනිමින් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියනවා අපට වඩ වඩාත් පෙන්නුම් කරන්නේ. අපි හිතුවාටවඩා නරක තැනකට යමින් තිබෙන බවටයි. ඒ නිසා අපි කාටත් සිද්ධ වුනා එකතුවෙලා අපි දකින මේ බරපතල අනතුර පිළිඹදව මේ රටේ ජනතාවට පමිණිලි කරන්නත්. මේ අපේ රටට විරුද්ධව, අපි හැදූ ආන්ඩුව යටතේ සිදුවෙමින් පවතින යම් යම් සිදුවීම් පිළිබදව එක හෙලා විරුද්ධ වෙමින් අපි ආරම්භ කරන්නේ අපි ආවාට වඩා දුශ්කර ගමනක් යන්න. ”

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button