BREAKING NEWSEXCLUSIVEPOLITICS

පක්ෂ සියල්ලම එක්කර ජනතාවාදී බලවේගයක් අපි හදනවා – මෛත්‍රී

ආණ්ඩුවේ පක්ෂ 12 සමග සියලුදෙනා ඒකරාශී කරමින් පුළුල් ජනතාවාදී බලවේගයක් මේ රටේ ඉදිරියේදී සාදන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

ඒ අද උදෑසන ‘නිදහසේ ජනතා පැතුම’ යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව සදහා විහාරමහාදේවී උද්‍යානයේදී එක්වෙමින්

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“රාජ්‍ය වියදම් අපි අඩුකරන්න ඕනේ. පසුගිය දිනවල ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් ඉවත් කළා. ඉවත් කළ වහාම ඒ වෙනුවට ඇමතිවරු පත් කළා.” 

“දැන් නොයෙකුත් කථා එනවා ජාතික ආණ්ඩු පිළිබඳව. හැබැයි ජාතික ආණ්ඩු තියා මොන ආණ්ඩු ආවත් රාජ්‍ය වියදම් අඩු කිරීමේ මූලික කාරණයේදී ප්‍රධාන වශයෙන්ම ඇමති මණ්ඩලය අඩු කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අද එක අමාත්‍යාංශයට රාජ්‍ය ඇමතිවරු 3යි. සමහර ඒවයේ 4යි. කඹ අදිනවා.. වැඩ කෙරෙන්නේ නෑ.”

“පක්ෂ 11 එකමුතුව අපි ශක්තිමත් කරනවා. ඒ පක්ෂ 11න් නවතින්න නෙමෙයි. ඊට එහා පක්ෂ 15ක් හෝ 20ක් වෙන්න පුළුවන්.. සියලුදෙනා ඒකරාශී කරමින් පුළුල් ජනතාවාදී බලවේගයක් මේ රටේ හදනවා. කව්ද නායකයා..කව්ද ජනාධිපති.. කව්ද අගමැති.. කියන ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ නෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපි ගියා ජනාධිපති හමුවෙන්න. වෙච්ච දේවල් කිව්වා. එහෙම කියලා කිව්වා.. මම ඉතාමත් කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂට. මට මේ ඉදිරි වැඩ ටිකට සහයෝගය දෙන්න කියලා. මෙතෙක් තිබුණු සාකච්ඡාවලින් රට වෙනුවෙන් වැදගත්ම අදහස් ඉදිරිපත් කළ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන සහතිකයත් එතනදි අපිට ලැබුණා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button