BREAKING NEWSEXCLUSIVE
වසන්ත සේනානායක කලකිරේ – ප්‍රශ්න හතරකට සජිත්ගෙන් පිළිතුරු ඉල්ලයි.!

ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් තමන් කලකිරීමකට පත්ව සිටිනා බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කරනවා.
ඔහු පවසන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂත්වය ලබා දීමට දැඩිව විරුද්ද වූ පිරිස් දැන් ප්රචාරක කටයුතුවල මූලිකත්වය ගෙන තිබීම ඊට හේතුව බවයි.
මේ කරුණු ඇතුලත් දීර්ඝ ලිපියක් රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා තිබේ. එහිදි ඔහු සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු හතරකට පිළිතුරු ඉල්ලා තිබේ.
මේ හේතුවෙන් ඔහු සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.