BREAKING NEWSEXCLUSIVE
රාජිත අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් නියෝග – වරෙන්තුව නිකුත් වේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදි තිබේ.
මේ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙලෙස රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.