BREAKING NEWSEXCLUSIVE
“වරෙන්තුව ආපසු හරවාගන්න”, නීතියෙන් සැඟවුනු රාජිතගෙන් මෝසමක් – ඔහු සැඟවී නීතිඥයන් එවලා.!

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.
ඔහුගේ නීතිඥයන් මගින් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් හිටපු ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් රාජිත සේනාරත්න මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීම උදෙසා අධිකරණය විසින් අදාල වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තවමත් රාජිත සේනාරත්න මන්ත්රීවරයා පොලීසියෙන් සහ නීතියෙන් සැගවී සිටී. එලෙස වරෙන්තුවක් ලබා දුන් පසු සැඟවීම නීතිවිරෝධි ක්රියාවකි.