ප්‍රදේශ කිහිපයකට හෙටත් උණුසුම් කාලගුණ තත්ත්වයක්

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් හෙටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම නිසා වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවද අවධානයෙන් පසුවිය යුතු බවයි.
මේ හේතුවෙන් වැඩ බිම් තුල සිටින පුද්ගලයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසට දැනුම් දෙනවා.
නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
එමෙන්ම වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොතැබිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳිය යුතුයි.
එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද ජනතාවට උපදෙස් දී තිබෙනවා.