BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS

රුසියා-යූක්‍රේන යුද්ධය නිසා මෙරට පොහොර ආනයන කටයුතු වලටත් බාධා..!

රුසියා යූක්‍රේන ගැටුම් නිසා පොහොර ආනයනය කිරීමේ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ප්‍රකාශ කරනවා.

මෙරට සිදුකෙරෙන වගාවන් සඳහා වැඩි වශයෙන් භාවිත කෙරෙන පොටෑෂ් පොහොර ආනයනය කිරීම බෙලරූස් රාජ්‍යයට අයත් වරායන් හරහා සිදුකෙරෙන අතර,රුසියානු – යුක්‍රේන යුදමය වාතාවරණය හමුවේ පොටෑෂ් පොහොර ආනයනය කිරීමේ කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

පසුගිය මහ කන්නයේදී මෙන් එලඹෙන යල කන්නය සඳහා ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පොටෑෂ් පොහොර අනුමත කර ඇති බැවින් එම පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව පවති.

කෙසේවෙතත් රුසියානු – යුක්‍රේන යුදමය වාතාවරණය හමුවේ බෙලරූස් වරායන් හරහා පොටෑෂ් පොහොර නැව්ගත කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසුවේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොටෑෂ් පොහොර ඇතුළු සෙසු පොහොර වර්ග ආනයනය කිරීම සම්බන්ධයෙන් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button