
සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 3-0ක් වශයෙන් ජය ගත්තේය.
කලකට පසු ලැබූ මෙම තරගාවලි ජය ශ්‍රී ලංකා රසිකයන්ට මෙන්ම කණ්ඩායමටද අත්‍යවශ්‍යව තිබූ ජයක් බවට සැක නැත.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දක්වා තරගාවලියේ වීරයා සම්මානයද හිමි කරගත්තේ වනිදු හසරංගය. දකුණතින් පාදග පන්දු යවමින් සිය මැනවින් වගකීම ඉටු කළ වනිදු, පිතිකරුවෙකු වශයෙන්ද කණ්ඩායමට සිදු කළ සේවය විශිෂ්ඨ විය.
එවැනි පසුබිමක තරගාවලියේ වැඩිම රසික ආකර්ෂණය දිනූ ක්‍රීඩකයා බවට වනිදු පත් විය.
එහිදී පසුගියදා සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරගයේදී රසිකයන් ප්‍රදර්ශනය කළ පුවරුවක් අපගේ ඇස ගැටුනි. එහි සඳහන් වූයේ “මැරී මී වනිදු” ලෙසිනි.
එම පුවරුව පහතින්,