යුරෝපය එක්ව පුටින්ගේ කලු පටියත් ගලවා ගනි..

ව්ලැඩිමීර් පුටින්ගේ කළු පටිය ජාත්‍යන්තර ටයිකොන්ඩෝ සංවිධානය විසින් අවලංගු කරනු ලැබුවා.
යුක්රේනයට එරෙහිව හමුදා බලකායන් මෙහෙයවීමට ව්ලැඩිමීර් පුටින්ගේ තීරණය හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයාට ඔහුගේ 9 වැනි කළු පටිය අහිමි වී තිබෙනවා. 2013 නොවැම්බර් මාසයේදී නැවත පිරිනමන ලද ගෞරව නාමයත්, මීට අමතරව ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයේ ගෞරවනීය සභාපති සහ තානාපති ලෙස පුටින්ගේ තත්ත්වය දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා
“ජයග්‍රහණයට වඩා සාමය අනර්ඝයි” යන ලෝක ටයිකොන්ඩෝ දැක්මට සහ ගෞරවය සහ ඉවසීමේ ලෝක ටයිකොන්ඩෝ අගයන්ට පටහැනිව යුක්රේනයේ අහිංසක ජීවිතවලට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්රහාරයන් ලෝක ටයිකොන්ඩෝ තරයේ හෙළා දකිමින් ලෝක ටයිකොන්ඩෝ විසින් ව්ලැඩිමීර් පුටින් මහතාට පිරිනැමූ ගෞරවනීය 9 වැනි කළු පටි ඉවත් කිරීමට තීරණය කර තිබෙන්නේ.
මින් ඉදිරියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග සහයෝගීතාවයෙන් සිදුකරන ලෝක ටයිකොන්ඩෝ ඉසව්වලදී රුසියානු හෝ බෙලාරුස් ජාතික ධජ හෝ ගීත ප්‍රදර්ශනය කිරීම හෝ වාදනය කිරීම සිදු නොකිරීමට ඔවුන් තීරණය කර ඇති අතර ලෝක ටයිකොන්ඩෝ සහ යුරෝපීය ටයිකොන්ඩෝ සංගමය රුසියාවේ සහ බෙලරුසියාවේ ටයිකොන්ඩෝ ඉසව් සංවිධානය කිරීමකට හෝ සම්බන්ධ නොවනු ඇති.