GOSSIP NEWSVIRAL NEWS
ව්ලැඩිමීර් පුටින්ගේ විශේෂ පණිවිඩයක් සමග රුසියාවේ හමුදා ප්රධානියා ජනපති ගෝඨාභය හමුවේ

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයෙකු සහ රුසියාවේ ගොඩබිම් හමුදාවල සේනාධිනායක ජෙනරාල් සල්යුකොව් ඔලෙග් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.
ඉකුත් දා (03) මෙරටට පැමිණි ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා 72 වැනි ජාතික නිදහස් දින උළලේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ද සහභාගි වී සිටියා.
ජෙනරාල් ඔලෙග් සමග මෙරටට පැමිණ සිටින ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉහළ පෙළේ නියෝජිත පිරිස ද මෙම හමුවට එක්ව සිටියා.
එහිදී ජනරාල් ඔලෙග් විසින් ජනපති පුටින්ගේ විශේෂ පණිවිඩ රැසක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා තිබෙන අතර දෙරට අතර විශේෂ රාජ්යතාන්ත්රික ඇරඹීමටද ජනපතිවරුන් දෙදෙනාගේ අවදානය යොමුව තිබේ.