පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු එන උගත් වියතුන් ලයිස්තුව හෙළිවේ.!

ශ්ර්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කරන නවක මුහුණු සම්බන්ධයෙන් Lanka Mag වෙත වාර්තා වෙනවා.
ඒ අතර ව්‍යවසායකයන් සහ වියත්මග සංවිධානය නියෝජනය කරනා උගත් බුද්ධිමත් පිරිසක්ද වනවා.
රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සහ විද්‍යාඥ චන්න ජයසුමන මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය චරිත හේරත් මහතා, ආචාර්ය නාලක ගොඩහේවා මහතා, වියත් මග සංවිධානයේ අනුර ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඒ අතර වනවා.
තිලකරත්න ඩිල්ෂාන් ගාල්ලෙන්ද, අනුර ප්‍රනාන්දු මහතා කොළඹින්ද, ආචාර්ය නාලක ගොඩහේවා සහ නීතිඥ ලලිත් පියුම් ගම්පහින්ද චරිත හේරත් මහතා කුරුණෑගලින්ද චන්න ජයසුමන මහාචාර්යවරයා අනුරාධපුරයෙන්ද තරග කිරීමට නියමිතයි.
ජනාධිපති නීතිඥ අලි සබ්රි, ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් සහ කතුවර ගෙවිඳු කුමාරතුංග මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නියමිත බව සඳහන්.