“ඡන්දයකින් පැරදිය නොහැකි නිසා තවත් කකුල් මාට්ටුවක්” වියන්ගොඩලා නැවතත් අධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේදි ප්‍රතික්ෂේප වූවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහිදී මැතිවරණය අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයට අතුරු තහනම් නියෝගයක් ලබා ගනිමින් ඔහු මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම පෙත්සම්කරුවන්ගේ අරමුණ වූවා.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියලූම නෛතික ලේඛන නීත්යානූකූලබව අධිකරණය හමුවේ ඔප්පූ වූ අතර ඒ හේතුවෙන් එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කළා.
මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හෙට දිනය තුල නාමයෝජනා ලබාදීමේ අවස්තාව හිමිවෙනවා.
කෙසේ වෙතත් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට මංගල සමරවීර හා රාජිත සේනාරත්න අමාත්‍යවරුන් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.
මේ අනුව හෙට දිනයේ ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාවක් ගොනු කරනු ඇති අතර එය කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීමට ගැටලුවක් නොවන බව වාර්තා වේ.