GOSSIP NEWSVIRAL NEWS

වියන්ගොඩ හා තේනුවර තනිවේ – පෙත්සමේ වගකීම භාර ගැනීම එජාපය මග හරියි.!

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ඊයේ දින අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුනා.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සිවල් සංවිධාන නායකයන් දෙදෙනෙක් වන ගාමිණි වියංගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම පසුපස සිටි බලවේගය වූයේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ ප්‍රබලයෙක් වන මංගල සමරවීර අමාත්‍යවරයා හා රනිල් පාර්ශවයේ ප්‍රබලයෙක් වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයායි.

කෙසේ වෙතත් මෙම පෙත්සමේ තීන්දුවෙන් පසු එක්සත් ජාතික පක්ෂය විසින් පෙත්සම්කරුවන් හුදකලා කරමින් එම පෙත්සමේ වගකීම ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙම පෙත්සමට සිය පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි

මේ අනුව එම පෙත්සම පිළිබඳ වගකීම එජාපය පැහැර හැරීමත් සමග කිසියම් පිරිසකගේ කොන්ත්‍රාත්තුවක් මත පෙත්සම ඉදිරිපත් කළ ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර හුදකලා වී තිබෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

මෙම සිදුවීම දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් ලබා ගන්නා පුද්ගලයන්ට හොද පාඩමක් බවත් දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් ලබා ගෙන මුදලට ඔවුන්ගේ ජඩ වැඩ සිදු කරනා පාතාල සමාජිකයන්ගේ සිට සිවල් සංවිධාන කොන්ත්‍රාත්කරුවන් දක්වා සියලූම දෙනාට අවසානයේ සිදු වූයේ හුදකලා වීමට පමණක් බවත් ඔවුන් පෙන්වා දී තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button