BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

විරාට් කෝලි නායකත්වය අත්හරී.

ඉන්දීය 20/20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට සුපිරි පිතිකරු විරාට් කෝලි තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර 20/20 ලෝක කුසලානය ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම තරග කරන අවසන් තරගාවලිය වනු ඇත. කෝලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නායකත්වයෙන් සමු ගැනීම ප්‍රකාශයට පත්කර තිබෙනවා.නායකත්වයෙන් සමු ගත්තද ඔහු තවදුරටත් 20/20 තරග සඳහා ඉන්දියාව නියෝජනය කරනු ඇත.

ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව 20/20 තරග 45 කට සහභාගි වූ අතර ඉන් තරග 27 ක් ජයග්‍රහණය කර තිබෙනවා.නව නායකයා ලෙස, ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ සාර්ථකම නායකයා වන රෝහිත් ෂර්මා පත් කිරීමට බොහෝදුරට ඉඩ තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button