GOSSIP NEWSVIRAL NEWS

තෙවන වතාවටත් කංජිපානි ඉම්රාන්ගේ සිර කුටියෙන් දුරකථන හමුවේ

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු වන පතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී තෙවන වතාවටත් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ සිරකරුවන් රැඳවීම හේතුවෙන් බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබෙන අතර ඔවුන් විසින් සී.සී.ටී.වී කැමරා වලින් කරන ලද නිරීක්ෂණයකදී මෙම ජංගම දුරකතනය සොයාගෙන තිබේ.

පාතාල නායක කංජිපානි ඉම්රාන් සෑම සතියකට වරක්ම නඩු කටයුතු සඳහා කොළඹට රැගෙන එන බවද එහිදී ජංගම දුරකතන ශරීරය තුළ රහසිගතව සඟවාගෙන එන්නට ඇති බවද සැකකරන බවද බන්ධනාගාර නිලධාරීන් පවසනවා.

කෙසේ වෙතත් මෙම අපරාධකරුවන් වැලිකඩ බන්ධනාගාරයෙන් බූස්ස බන්ධනාගාරයට කැදවා ඇත්තේද වැලිකඩ බන්ධනාගාරයේදි මෙම සිරකරුවන් අතිශය බලවත්ව කටයුතු කිරීම නිසා බවත් කියවේ. බන්ධනාගාර නිළධාරීන් පවා මෙම අපරාධකරුවන්ට සහය ලබා දෙන බවටද චෝදනා එල්ල වුනා.

බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් පරීක්ෂා කිරීම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ උපකරණ නොමැති බවත් වාර්තා වනවා.

විශේෂ ගණයේ සිරකරුවන් 22ක් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button