BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

අන්තර්ජාලයේ පැතිරෙන පිළිකාකාරක පරිප්පු පුවත බොරුවක්

වැලිගම ප්‍රදේශයෙන් අද දින පිළිකාකාරක පරිප්පු අත්අඩංගුවට ගත් බවට සංසරණය වන  ප්‍රවෘත්තිය අසත්‍යක් බව අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබදව Factresearch  ආයතනය මෙසේ තොරතුරු හෙළි කර තිබෙනවා.

පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය අඩංගු බවට මේ දිනවල සමාජය තුල විශාල කතිකාවතක් නිර්මාණය වී තියනවා.පොල්තෙල් ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණයකින් මෙය අනාවරණය විය.

වැලිගම ප්‍රදේශයෙන් අද දින පිළිකාකාරක පරිප්පු අත්අඩංගුවට ගත් බව සමාජ ජාල තුල ප්‍රවෘත්තියක් වේගයෙන් සංසරණය වන නිසා අපි ඒ ගැන විමර්ශනයක් සිදු කරන ලදී.

සමාජ ජාල සටහන්.

එලෙස News first web අඩවිය මෙලෙස සදහන් කර තිබුණි.
වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව තිබේ. වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය.

තවද වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.

Fact Check (තොරතුරු විමර්ශනය)

වැලිගම ප්‍රදේශයෙන් හමුවූ පරිප්පු වල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බවට NEWS FIRST වෙබ් අඩවියට කරුණු දැක්වූ ලෙස සටහන් කර ඇති වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා ගෙන් මේ පිලිබදව විමසීමක් කරන ලදී.

මේ පලවී ඇති තොරතුරු සත්‍ය විකෘති කරන ලද සටහනක්. මේ පරිප්පු තොගය අප අත්අඩංගුවට ගත්තේ 2020 ජුලි මස 15 වන දින. කල් ඉකුත් වූ පරිප්පු තොගයක් සගවා ඇති බවට ලද තොරතුරකට අනුව අප එම වැටලීම සිදු කරා. ඒ අනුව අපි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කල අතර මෙහි රස පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්න ලෙස දැනුම් දුන්නා. ඒ අනුව ලබා ගත් නියැදි පරීක්ෂණ සදහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවීමට කටයුතු කලා. එම වාර්තාව අනුව අප 2021 මාර්තු 31 වන දින මාතර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අපට නියෝග ලැබුනා ඊට පසු දිනම විනාශ කරන ලෙස. ඒ අනුව අපි ඊයේ දිනයේ එලෙස අත්අඩංගුවට ගත් පරිප්පු තොගය විනාශ කරා.

රස පරීක්ෂණ වාර්තාවේ කිසිම තැනක ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බවට සදහන් වෙලා නෑ.

මෙම කරුණ පිළිබද අප වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ගෙන් විමසීමක් කරන ලදී. මෙය මාස 6 කට පමණ කලින් සිදු කරන ලද වැටලීමක්. මේ සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරා. තීන්දුව අනුව මේ පරිප්පු තොග ඊයේ දිනයේ විනාශ කලා. කල් ඉකුත් වූ පරිප්පු හෝ ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු පරිප්පු වෙළදපොලට කිසිදු ආකාරයකින් නිකුත් වෙලා නැ . ඒක නිසා මහජනයාට මම කියනවා භය නැතුව පරිප්පු කන්න කියල.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ මේ කල් ඉකුත් වූ පරිප්පු තොගය 2020 ජුලි මාසයේ අත්අඩංගුවට ගත් තොගයක් බවත්, මෙහි ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බවට රස පරීක්ෂණ වාර්තාවේ අඩංගු නොවන බවත්ය.

එම නිසා NEWS First වෙබ් අඩවිය සදහන් කල වැලිගමින් පිළිකා කාරක පරිප්පු හමුවෙයි යන ප්‍රවෘත්තිය සත්‍ය විකෘති කරන ලද අසත්‍ය තොරතුරක් බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button