BREAKING NEWSEXCLUSIVE

විමල්ගෙ පක්ශය ආණ්ඩුවට විරුද්ධව යයි..

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුල තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත් නොකරන්නේ නම් තම පක්ෂය ඊට විරුද්ධව ඡන්දය පළකරන බව ආණ්ඩුවෙ හවුල්කාර පක්‍ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ දන්වා තිබෙනවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන් මේ බව දැනුම් දුන් බව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කර සිටියා.

එම පනතට එරෙහිව ඇතිව තිබෙන විරෝධතාවය හා තම පක්ෂය දැක්වූ ස්ථාවරය හේතුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගෝස්තු මාසය දක්වා කල් දමා ඇති බවද ඔහු පැවසුවා.

අගෝස්තු මාසයේ දීද ඉදිරිපත් කරන පනතින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කිසිදු ආකාරයකින් තම පක්ෂයට එකඟවිය නොහැකි බවද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button