මුළු ලෝකයටම සුන්දරත්වය එක් කිරීමට සමත් වූ වික්ටෝරියා දිය ඇල්ල සම්පූර්ණයෙන් සිඳී යයි – Photos

මෙය අතිවිශාල දිය ඇල්ලක් වන අතර මේ දෙරටටම ජල විදුලිය සැපයීමේ ප්‍රධාන දායකයාද වෙනවා. සාමාන්‍යයෙන් වියළි කාලයේදී දිය ඇල්ලෙන් ඇද හැලෙන ජලයේ කිසියම් අඩුවීමක් දැක ගත හැකි නමුත් මෙවර එය සම්පූර්ණයෙන්ම හිඳී ගොස් ඇති බවයි සදහන් වන්නේ.
සැම්බෙසි ගඟ වික්ටෝරියා දිය ඇල්ලේ ප්‍රධාන පෝෂකයා වන අතර අප්‍රිකානු වැසියන් ඉතා උස් ප්‍රපාතයකින් බිමට ඇද වැටෙන මේ මහා ජලකඳට ‘හෙණ හඬ අතර දුම‘ යන අර්ථය සහිත නමක් ඔවුන්ගේ භාෂාවෙන් ලබා දී තිබුනා. පසුව අප්‍රිකාව ගවේෂණය කළ යුරෝපීයයන් මේ දිය ඇල්ලට ඔවුන්ගේ නමක් වන වික්ටෝරියා යන නාමය ලබා දුන් බව ප්‍රචලිතයි . අති විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් ඇද හැලෙන මහා ජලකඳ හේතුවෙන්ම මේ දියඇල්ල ලෝකයේ සොබාදහම මැවූ පුදුමයන් අතරින් එකක් ලෙස මෙය සැලකෙනවා.
වෙනත් වර්ෂවලදීද වියළි සමයේ දිය ඇල්ලෙන් ඇද වැටෙන ජල ධාරාවේ කිසියම් අඩුවක් දක්නට ලැබුණද මෙවර එය සම්පූර්ණයෙන්ම හිඳී ගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙසේ වීමට හේතුව වසර කිහිපයක් පුරා කලාපයට බලපා ඇති නියඟයයි. එම නියඟය ඇති වීමට හේතුව ලෙස පරිසර විද්‍යාඥයන් හඳුනා ගන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමයි.
දිය ඇල්ල සිඳී යෑමත් සමග සැම්බියා සහ සිම්බාබ්වේ යන දෙරටේම විදුලි සැපයුම අඩාළ වෙමින් පවතින බවත් සදහන්. දිය ඇල්ල සිඳී යෑමත් සමග අවට සංචාරක හෝටල්ද වසා දමා ඇති අතර ඒ ආශ්රයෙන් ජීවිකාව ගෙන යන බොහෝ දෙනාට ජීවත් වීමේ නව ක්‍රම සෙවීමට සිදුවී තිබේ. 20217 වසරේදී පමණක් වික්ටෝරියා දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 500000ක් ලෙසට සටහන් වී තිබෙනවා.
එහෙත් වඩාත්ම වැඩි හානිය සිදුවී ඇත්තේ සියවස් ගණනාවක් පුරා දියඇල්ල හේතුවෙන් ආරක්ෂිතව දිවි ගෙවූ අවට සත්ත්ව සහ ශාඛ ප්‍රජාවටයි.