ශ්‍රී ලංකාවේ පශූ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය අන්තිමයි – ජනපතිතුමනි, ඔබගේ අවදානය පිණිසයි!

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් බහුතරය අතිදක්ෂය. දැඩි කැපවීමේන් රාජකාරී කර මිනිස් ජීවිත රකිනා උතුම් පිරිසකි. මෙරට වෛද්‍යවරුන්ගෙන් බහුතරය මුදලට එහා ගොස් ජීවිත රකිනා අරමුණින් සේවය කරනා පිරිසක් බව අවිවාදිතය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය අවම පහසුකම් මැද වූවද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම පවතින්නේ මානව සම්පතෙහි දක්ෂතාවයන් හා කැපවීම හේතුවෙනි.
කෙසේ වූවද මෙරට පශු වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය එයට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාවේ පශුවෛද්යවරුන්ගෙන් බහුතරය එක්කෝ අදක්ෂ, තමන්ගේ විෂය නොදන්නා පිරිසක් විය යුතුය. එසේත් නොමැති නම් සත්ත්ව ජීවිතයක් රැක ගැනීමට ආදරයක් හෝ ඕනෑකමක් නොමැති මුදල් වෙනුවෙන් පමණක් රැකියාවක් කරනා පිරිසක් විය යුතුය.
මෙරට පශු වෛද්‍යවරුන්ගේ දුර්වලතාවය නිසා මිය ගිය සතුන් පිළිබඳ ඕනෑ තරම් පුවත් වාර්තා වේ. එවන් පුවත් සමාජජාලා මාධ්‍යයන්ගේ අතිශය සුලභය.
සුරතල් සතෙකු යනු මිනිසුන්ට පවුලේ එක් සමාජිකයෙකු බව මෙරට පශු වෛද්‍යවරුන්ගෙන් බහුතරයකට හැගීමක් නැත. ඔවුන් කරා රැගෙන රෝගී වූ සතෙකුගේ රෝගි විනිශ්චයට හරි උනන්දුවක් නැත. ඔවුන්ගෙන් බහුතරය සේවය සලසන්නේ සතුන්ගේ ජීවිත රැක ගැනීමට නොව මුදල් උපයා ගැනීමට පමණකි.
මෙරට පශුවෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මිය යන අහිංසක සතුන් ඕනෑ තරම්ය. පශුවෛද්‍යවරුන්ට ඒ ජීවිත කිසිඳු වටිනාකමක් නොමැති සත්ත්වයෙක් වූවාට ඒ තවත් පවුලකට පවුලේ සාමාජිකයෙකි.
මෙරට පශුවෛද්‍යවරුන්ගේ මෙම දුර්වලතාවයට ප්‍රධාන හේතුව ඔවුන්ට සත්ත්ව ජීවිත රැක ගැනීමට කිසිඳු උවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති වීමයි. ඔවුන් ජීවිත බේරා ගැනීමට නොව මුදල් ඉපැයීමට පමණක් වෘත්තීයේ නිරත වීමයි.
හැකි ඉක්මණින් මෙම ක්‍රමවේදය වෙනස් කළ යුතුය. මෙරට පශු වෛද්‍ය අධ්‍යාපනය වෙනස් කොට අධ්‍යාපන සුදුසුකම් මෙන්ම සතුන්ට ආදරය කරුණාව දැක්වීමත්, සත්ත්ව ජීවිතයක වටිනාකම දැන ගැනීමත් මෙරට පශු වෛද්‍යවරයෙකු වීමට අනිවාර්ය සුදුසුකමක් කළ යුතුය.
When your animal get sick treat it by yourself then. LMAO