BREAKING NEWSEXCLUSIVE

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා

ඊයේ(30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ඇය මියාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය-තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇත..

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස්, නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවැසුවේ.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75වන වියෙහි පසුවූවා ය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button