ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍යයන්ගේ ශරීරයේ ප්ල්සාටික් – විද්‍යාත්මක සොයා ගැනීම යුද හමුදාපති ශවේන්ද්‍රගේ දියණියගෙන්

මෙරට සාගර කලාපයට අයත් මුහුදු සීමාවේ ජීවත් වන කුඩා මසුන්ගෙන් 95%ක් පමණ මත්ස්‍යයන්ගේ ශරීරයේ මිනිස් ශරීරයට අහිතකර ප්ලාස්ටික් අඩංගු බව සොයා ගෙන තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව සොයා ගෙන තිබේ.
ත්‍රිකුණාමලය, කුඩාවැල්ල සහ මීගමුව යන ධීවර කලාප ආශ්රයෙන් හුරුල්ලා, සාලයා සහ හාල්මැස්සා යන මාළු විශේෂ යොදා ගනිමින් එම පර්යේෂණය සිදු කොට ඇති අතර එම මාළුන්ගේ බඩවැල තුළ කුඩා ප්ලාස්ටික් කොටස් 0-23 අතර සංඛ්‍යාවක් අඩංගුව පවතින බව එහිදී නිරීක්ෂණය වී තිබේ.
මෙම පරීක්ෂණය මෙහෙය වූ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දියණිය වීමත් විශේෂත්වයකි.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියකට අදාළව විනුරි සිල්වා විසින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.