BREAKING NEWSEXCLUSIVE

මෙරට නිෂ්පාදිත පළමු විදුලි Vega ත්‍රීරෝද රථය පරික්ෂණ ධාවනයේ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රීරෝද රථය වන Vega ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබෙනවා.

මෙම විදුලි ත්‍රීරෝද රථය 2022 අප්‍රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව Vega ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පැවසුවා.

එමෙන්ම දැනට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්‍ය ත්‍රීරෝද රථයකට වඩා අඩු මිලකට එය මිල කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

2027 වසර වන විට ගෝලීය වශයෙන් මෙය ඩොලර් බිලියන 32 ක කර්මාන්තයක් වන බවත් සිය ඉලක්කය එයින් 10% ක කොටසක් අත්පත් කර ගැනීම බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය කුලපාල මහතා සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button