BREAKING NEWSEXCLUSIVE
අද විවෘත වූ නව විශ්ව විද්‍යාලය..

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරුණා.
ඒ අනුව මෙරට 17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” ඉතිහාසයට එක් වනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කිරිමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 08 වනදා නිකුත් කර තිබුණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ඒ අනුව මේ වන විටත් වව්නියාවේ විශ්වවිද්‍යාලය සදහා සිංහල සිසුන් 400 පමණ ලියාපදිංචි වී සිටින බවය.