BREAKING NEWSEXCLUSIVEPOLITICS
වාසු නිල නිවස සහ රථයත් ආපසු භාර දෙයි..

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද (14දා) ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත්ය.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු ඔවුන්ගේ අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට විරෝධය පෑමක් වශයෙන් තමන් යළි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සදහා සහභාගී නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා සිටියා.
කෙසේ වෙතත් තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් නැති බවද අමාත්‍යවරයා පවසනවා.