BREAKING NEWSEXCLUSIVE

එජාප අර්බුධය උග්‍ර වේ- වජිරගෙන් සජිත් පාර්ශවයට දෝෂාරෝපණ

එජාපයේ සජිත් ප්‍රේමදාස පාර්ශවයේ පිරිස් විසින් ‍රනිල් පාර්ශවයට අහිතකර ලෙස කරුණු හෙළි කරන්නේ නම් තමන්ටද කරුණු රැසක් කියන්නට සිදුවෙන බව එජාපයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.

තමා මේ බව සිය පක්ෂයේ පිරිසට මතක් කර සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා. ගාල්ල ආසනයේ එජාප බල මණ්ඩල රැස්විමේ දී හිටපු ඇමතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මගේ ඇගේ හැප්පිලා මගේ කට අවුස්සාගෙන ඉතුරු ඒවා ගෙන් අහගන්න එපා. නමුත් මට අහිතකර කරුණු පාවිච්චි කළොත් මටත් ගොඩක් දේවල් කියන්න සිදුවෙන බව අපේ පක්ෂයේ අයට මතක් කරනවා”

“දැනුත් ආණ්ඩුව අපේ. සමහර අයගේ මෝඩ සිතුවිලි නිසා අපි ආණ්ඩුව අහිමි කරගෙන තියෙනවා. 19 වැනි සංශෝධනය අනුව අපේ අය කෑගැහුවෙ නැතිනම් තාමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. මාර්තු මාසයේ ඡන්දේ තියලා ඉවර වෙනකම්. අපේ දේශපාලන අංශයේ ලද බොලඳ අය කිව්වා අගමැතිවරයාට අස්වෙන්න කියලා. දින 52 තුළ නොදීපු අරලියගහ මන්දිරය UNP කාරයින්ගේ මෝඩකම් නැතිනම් ජිවිතේට දෙන්නේ නැහැ. සමහර කරුණු මම අඩුවෙන් කියන්නේ. පක්ෂයට අහිතකර කරුණු මම කියන්නේ නැහැ. සමස්ත අපේ පක්ෂයේ අයට මේ ගැන මතක්කරන්න ඕන. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මන්ද බුද්ධිකයෝ වගේ වැඩකරන්න හොද නැහැ. රාජපක්ෂලා එලවන්න පුළුවන් මම දන්න දැනට මේ පොළවේ හොඳ නායකයෙකු ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. වෙන කෙනෙකුට එක කරන්න බැහැ.

එතුමා සිටීම තව කෙනෙකුට නායකත්වයකට බාධාවක් නැහැ. එතුමා සිටීම මේ පක්ෂයේ වෙනත් කෙනෙකුට හානියක් නැහැ. කරදරයක් නැහැ.. ඉදිරියට යන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියන්නේ කොච්චියට තිබු රුපියලේ කාසියක් වගේ. තැලිලා තැලිලා පදම්වෙලා ඉන්නේ. අලුත් කාසි තලන්න එපා. මේ පක්ෂයේ ඉදිරියට එන්න ඉන්න නායකයින් තලලා විනාශ කරන්න එපා. සමහර අයගේ පුද්ගලික අවශ්‍යතාවයට සජිත්ව පාවිච්චි කරනවා.

2014 ඔක්තෝබර් මාසයේදි අපේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක පැනලා යනවා. ඔහු ගියාට පසු එදා අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා මගෙන් ඇසුවා වජිර පුළුවන්ද ලංකාවේ ඡන්ද පොළවල් 14000ම බලාගන්න කියලා. මා කීවා ඔබතුමා හයිය දෙනවා නාම් මට පුළුවන් කියලා. අපි ඒ වැඩේ කළා. ආර්ථික හයිය දුන්නා. අපි රජය කළාට සමහර කරුණු ගැන අවධානය යොමු කළේ නැහැ. සිංහල බෞද්ධ ඡන්ද එහෙම ගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button