BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSWEST
ලෝකයම කෝරොනා බිලි ගද්දි සුභ පණිවිඩයක් – ඇමෙරිකානු සමාගමකින් කොරෝනා ප්‍රති එන්නතක්

චීනය, දකුණු කොරියාව, ඉතාලිය ආදි රටවල් කිහිපයක් ඇතුලුව ලොව පුරාම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර එන්නතක් නිපදවීමට ඇමෙරිකානු සමාගමක් සමත්ව තිබේ.
මේ අනුව ඇමෙරිකාවේ මොඩර්නා ඖෂධ සමාගම නිපදවූ එන්නත කොරෝනා රෝගීන් සඳහා අත්හදා බැලීමට නිකුත් කර ඇත.
මෙම එන්නත කොරෝනා වෛරසයේ සෛල ඉලක්ක කර නිපදවා ඇත. නමුත් එන්නත වෙළෙඳපොළ වෙත නිකුත් වීමට තවත් කාලයක් ගතවන බවත් වාර්තා වේ.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට ඇරඹුනු පසු එය මර්දනය කිරීමට නිපදවූ මුල්ම එන්නත මෙය වේ.