BREAKING NEWSEXCLUSIVE

18 – 19‍ වයස් කාණ්ඩයේ දරුවන් එන්නත්කරණය ඔක්තෝබර් 21 සිට – එන්නත් කිරීම පාසලේ දීම..

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව ජනාධිපති මාධ්‍ය අංශය සදහන්කර සිටිනවා.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදීයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.

සියලු දරුවන්ට තමන් ඉගෙනුම ලබන පාසල තුලදීම එන්නත් ලබාගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇති අතර සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බවද එතුමා අවධාරණ කර තිබෙනවා.

එමෙන්ම එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් සදහා එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button