BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන් – සෞඛ්‍ය ඇමති

මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද ප්‍රකාශ කළා.

එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනෙනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අතර, එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුරෝපානු සංගමය මගින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා යුරෝ මිලියන 02ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ ලබාදීම සිදු කෙරුණු අතර,  පල්ස් ඔක්සිමීටර, ඊසිජී යන්ත්‍ර,ඔක්සිජන් රෙගියුලේටර්ස්,රෝහල් ඇඳන් ද ඒ අතර වනවා.

යුරෝපානු ආයෝජන බැංකුව හරහා කොවිඩ් වසංගතය පාලනය සඳහා යුරෝ මිලියන 100ක විශේෂ සහන ක්‍රමයක ණය ආධාරයක් ලබාදීම පිළිබඳව ද මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ  තානාපතිවරයා සාකච්ඡා කළා.

එන්නත්කරණයෙන් ලොව ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාවේ අවුරුදු 20-29 තරුණ ජනගහනයෙන් 60%ට ආසන්න ප්‍රමාණයක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයි ද අවුරුදු 15-19 පාසල් මට්ටමේ ළමුන් 32% එන්නත්කරණයට ලක්කර ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන බවත්, එහිදී සෞඛ්‍ය,ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවත්  රඹුක්වැල්ල මහතා කීය. එම වැඩපිළිවෙෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් තිබෙන බවත් සෑම සතියකම ලක්ෂ 04 ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායිික මත නිසාවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එන්නත්කරණය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය උපරිම වැඩපිළිවෙලක් ගෙන යන බවත්, අන් සියල්ල ජනතාව සතු වගකීම බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button