BREAKING NEWSEXCLUSIVE

දියත උයනේදීද අද සිට පැය 24 පුරා එන්නත්කරණය ක්‍රියාත්මකයි…

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් විහාරමහා දේවි උද්‍යානයේ දී ඊයේ (01) ආරම්භ කෙරුණා.

එමෙන්ම පැය 24 පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ තවත් මධ්‍යස්ථානයක් බත්තරමුල්ල දියත උයන මධ්‍යස්ථානයේ දී අද ආරම්භ වුනා.

පළමු මාත්‍රාව ලබාගෙන ඇති ඕනෑම අයෙකුට මෙම ස්ථානයේ දී ද දෙවන මාත්‍රාව ලබා ගත හැකි අතර හෙට සහ අනිද්දා දින දෙක තුළදී ද පැය 24 පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ මෙම මධ්‍යස්ථානවලදී ක්‍රියාත්මක බැවින් අනවශ්‍ය කලබලයකින් තොරව පැමිණ එන්නත ලබා ගන්නා ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.

මීට අමතරව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සහ යුද හමුදා රෝහලේ දී ද එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකවනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button