BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

පාසල් අරින්න කලින් ලමුන්ට එන්නත

පාසල් විවෘත කරන්නේ නම් ඊට ප්‍රථම වයස අවුරුදු 12 ට වැඩි සියලු ළමුන්ට කුමන හෝ එන්නතක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකිරීමේ දී ආරම්භයේ සිටම ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු නොකළ බවත් පාසල් ළමුන්ට එන්නත්කරණ කටයුතු සිදුකිරීමේදී යම්කිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පාසල් ආරම්භ කරන්න පෙර අනිවාර්යයෙන්ම වයස අවුරුදු 12 ට දරුවන්ට කොවිඩ් එන්නතක් ලබාදීම මුලික අවශ්‍යතාවයක් බව ඔහු කියයි.

එසේ නොමැති වුවහොත් පාසල් ආරම්භ කළ සැනින් දැනට සමාජයේ ආසාදිතයින් ඉන්න ආකාරයට පාසල් තුළට ආසාදිතයින් පැමිණිලා දරුවන් අතර පොකුරු වර්ධනය වීමේ හැකියාව තියෙන බව ඔහු සඳහන් කරයි.

“දරුවන් පාසල් නොයැවීමට හා ගුරුවරුන්ට පාසල් කටයුතු සිදුනොකිරීමට සිදුවන ප්‍රවණතාවයක් තියෙනවා. එන්නත් බෙදාහැරීම හා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය පිළිබඳ බිම්මට්ටමේ ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. අවශ්‍ය නියෝග ලබාදෙනවා නම් ඉතාම කෙටි කාලයක් තුළ සියලුම පාසල් දරුවන් සුරක්ෂිතව එන්නත්කරණය කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන්.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button