GOSSIP NEWSVIRAL NEWS

විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට – මව සමග ගොස් ජනපති, අගමැති හමුවේ

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ පිළිබඳ සාකච්ඡාවකට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුව තිබේ.

මෙම හමුවීම්වලදී උවිදුගේ අදහස් වලට සවන් දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග කරන ලෙසයි.

ඒ පිළිබඳව ඔහු තමන්තේ ස්ථාවරය ප්‍රකාශ කර නැතත් උවිඳු විජේවීර වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බව වාර්තාවේ.

සිය පියාගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටින් තරගයට එන ලෙසද ඔහුට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත දී නැත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවලට රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මියද සහභාගී වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button