BREAKING NEWSEXCLUSIVE

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කරයි (Breaking News)

යුධ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

7031 (ඇ) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම් එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු ලෙස නම් කිරීමට බලය පවරා ඇත.

ඒ අනුව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය පනවා ඇත.

ශ්‍රී ලංකා රජය සමඟ පවතින හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ පවත්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඇමෙරිකාව බෙහෙවින් අගය කරනවා.

ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වර්තමාන හා මතුවෙමින් පවතින තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීමට උදව් කිරීමට කැපවී සිටී.

ඇමෙරිකාව විසින් ලබා දෙනු ලබන පුහුණුව, ආධාර සහ කටයුතුවල මූලික අංගයක් ලෙස මානව හිමිකම්වලට ගරු කිරීම ආරක්ෂක සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාමට උපකාරි වන බව ඇමෙරිකාව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button