BREAKING NEWSEXCLUSIVE

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහාය….

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මඟින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය මේ බව සඳහන් කළා..

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී රජය දැක්වූ සහාය තානාපතිනියගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා..

පසුගිය කාලයේ දී මෙරට ආර්ථිකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කර සිටියා..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බව පෙන්වා දුන්නා..

කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා..

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී (Martin Kelly) සහ දේශපාලන හා ආර්ථික උපදේශක සුසෑන් වෝක් (Susan Walke) යන මහත්මමහත්මීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button