BREAKING NEWSEXCLUSIVE

එන්නත්කරණයේ ප්‍රගතිය ගැන ඇමරිකාවෙන් ජනපතිට පැසසුම්..

මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.ඒ සිය සේවා කාලය නිමා කර නැවත තම රට බලා පිටත්ව යාමට පෙරාතුවයි.

එහිදී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය සුභාශීංසන එක් කරමින්ම ජනාධිපතිවරයා දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනිම සඳහා මෙතුවක් එතුමිය දැක්වූ සහය ඇගයීමට ලක් කර තිබෙනවා.

තවද කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී අමෙරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ කෘතඥතාව පළ කර තිබෙනවා.

එමෙන්ම එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ ඇති තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කර ඇතැයි වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button