ARTICLESBREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

“කොරෝනා පැතිරීම 70%කින් වැඩිවෙලා.. පාලන කටයුතුවලට දේශපාලන බලපෑම්” – රාජිතගේ ගෝලයා කට අරියි

කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරීමේ අවදානමක් ඇති අවස්ථාවේ දේශපාලඥයින් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් ගෙන් ද බලපෑම් එල්ලන වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ තත්ත්වය මත බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.

එනිසා එම පිරිස් ඉදිරියේදී කොරෝනා පාලන ක්‍රියාවලියේ තවදුරටත් රැඳී සිටී ද යන්න ගැටළුවක් වී ඇති බවත් ඔහු පැවසිය.

අද වන විට මෙරට රෝගීන් වාර්තා වීම 70% කින් පමණ වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකක මෙන්ම ඖෂධ හිඟයක් ද ඇති වනු ඇති බව ද ඔහු අනතුරු අගවයි.

විශේෂත්වයනම් උපුල් රෝහණ මහතා එජාපයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරියෙකු වීමයි‍..

ඡායාරූප පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button