BREAKING NEWSEXCLUSIVEPOLITICSSMART UPDATEVIRAL NEWS

මංගල සමරවීර කවදාවත් ලිබරල්වාදියෙක් වුනේ නෑ. මංගල ගැන නොකියන කතාව..

මංගල – නොකියන කතාව..
* මංගල සමරවීර කවදාවත් ලිබරල්වාදියෙක් වුනේ නෑ. දේශපාලනය කියවන මිනිස්සු එකඟ වෙයි. ඔහු “ලයිෆ් ස්ටයිල්” කියන තැනකදී සාම්ප්රදායික දේශපාලකයෙකුගෙන් වෙනස් ඇප්රෝච් එකක් තිබුන මිනිහෙක් විතරයි.
ඔහුගේ නිදහස් ලිංගිකත්වය වැනි සාධක නිසා ඔහු “ලිබරල්වාදියෙක්” විදියට හංවඩු ගැහුනා.
* ලිබරල් ආර්ථික ප්රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ, රටට දරන්න බැරි රාජ්ය සේවයක් ඇති කිරීමේ ප්රමුඛයා මංගල.
මංගල තමයි ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය, ජලසම්පාදන මණ්ඩලය වැනි රාජ්ය ආයතන වල අමුතු කෝටා ක්රම ඇති කරලා රාජ්ය ආයතන වල තමන්ට පෝස්ටර් ගහපු, කොඩි වැල් ඇදපු සුදුසුකම් නැති උන්ට රජයේ රස්සා දුන්නේ.
පසුකාලීන සජිත්ලා අනුගමනය කරපු “උස නම් සිකුරුටි – මිටි නම් කම්කරු” කන්සෙප්ට් ගෙනාවේ මංගල.
අද රටේ බදු ආදායම බිලියන 1200යි. රාජ්ය සේවක විශ්රාම වැටුප් හා වැටුප් වියදම බිලියන 1100යි. මේකට වගකියන්න අවශ්ය ඉදිරිපෙළ සාමාජිකයෙක් මංගල.
* මංගල ප්රජාතන්ත්රවාදියෙක් නෙවෙයි. තුවක්කු, මැරයො එක්ක දේශපාලනය කරපු චරිතයක්.
මෙරට ඉතිහාසයේ දූෂිතම හා භයන්කාරම මැතිවරණයක් වන වයඹ පළාත් සභා මැතිවරණය චන්ද්රිකා වෙනුවෙන් මෙහෙයවූවේ මංගල. ඒ මැතිවරණයේ මංගල අණ දුන් පතාල කණ්ඩායම් කිහිපයක් හිටියා.
මාතර දේශපාලනය වෙනුවෙන් සාගල රත්නායක සමග ගැටුමකින් තරුණයෙකුගේ ඇස් අන්ධ වුනා. වෙඩි තැබුවෙ මංගලගේ මැරයො.
එජාප නායකත්වයෙන් රනිල් එලවන පාගමනට මාතරදි කුරුදු පොලු වලින් ගහලා, වෙඩි තිව්වේ මංගල. අදටත් මේ සිදුවීමට නඩුවක් තියෙනවා.
කුප්රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා.
මංගල සමරවීර ප්රජාතන්ත්රවාදියෙක් කීම ලොකු බොරුවක්.
* මංගල සමරවීර හොරකම් කරලා නෑ.
1994 චන්ද්රිකාගේ ආණ්ඩුවේ මුලින්ම දූෂණ චෝදනා එල්ල වෙන්නේ මංගලට.
මංගල ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය, ජපන් සමාගමක් එක්ක ගිවිසුමක් ගහලා රටට පාඩු කරලා කෝටි ගානක කොමිස් මුදලක් ගසා කෑම ඒ කාලයේ දේශපාලන වේදිකාවේ ප්රබල සටන් පාඨයක්.
ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ ක්රෙඩිට් කාර්ඩ් එකකින් මංගල සිදු කළ ලක්ෂ පනහක වංචාවක් එවකට පුවත්පත් සාක්ෂි සහිතවම හෙළි කළා. (මීට වසර විසි පහකට පෙර)
* මංගල නිදහස් මිනිහෙක්.
මංගල කොළඹදි ඉතා ලිබරල් කතා කිව්වට මංගලගේ මාතර දේශපාලනය “කුලවාදය” මත පදනම් වුනා.
ඔහු මාතරදී මේ කුලභේදය ඉතා අවලස්සන විදියට ඔහුගේ ඡන්ද වෙනුවෙන් ඇවිස්සුවා.
මංගල පසුකාලීනව තමන්ව හදපු ලංකා ඊ නිවුස්, තමන්ට විරුද්ධව මත දරපු නිසා ශ්රී ලංකාවෙන් තහනම් කළා.
* මංගලගේ දේශපාලනය
‘පුද්ගලික මඩ’ හා ‘ෆේක් නිවුස්’ ශ්රී ලංකා දේශපාලනයට හඳුන්වා දෙන්නේ මංගල.
ඔහු මුල්වී රුවන් ෆර්ඩිනැන්ඩස්, සඳරුවන් සේනාධීර ආදීන් සමග ආරම්භ කළ මඩ වෙබ් අඩවි මනුෂ්යත්වයට පවා නිගා දෙන මඩ කලාවක නිරත වුනා.
මේ පොලිටික්ස් වල අලුත් මඩ “ජොන්රේ” එක හැදුවේ මංගල.
ප්රතිවාදීන්ගේ අම්මා, අප්පා, ළමයි ඈදලා පවා තුච්ච මඩ මේ වෙබ් අඩවි වලින් ගැහුවා.
මංගල සුන්දර ලස්සන මිනිහෙක් නෙවෙයි.
* මංගල හා රට
රාජ්ය සංකල්පය දුර්වල කරන්න දේශපාලනය කරපු මිනිස්සු අතර කෙනෙක් මංගල..
ඔහුට අවශ්ය වුනේ ශ්රී ලංකාව ෆෙඩරල් රටක් කරන්න.
ඔහුගේ සුදු නෙළුම ව්යාපාරයේ ඉදලා දේශපාලනය පුරාවටම තිබුනේ ෆෙඩරල්වාදය.
ඔහු චන්ද්රිකා, මහින්ද, රනිල් මේ සියල්ලන්ම ෆෙඩරල් රටක් හදන්න මෙහෙයවන්න උත්සාහ කළා.
ඔහු තීරණාත්මක විදියට ඒ වෙනුවෙන් කැප වුනා. මේ රාජ්ය දුර්වල කරන්න අවශ්ය වෙච්ච සෙසු කණ්ඩායම් වල දේශීය නියොජිතයා වුනේ මංගල.
ඇන්ටම් බාලසිංහම් පවා “සාදූ චරිතයක්” ලෙසට දකුණේ සමාජගත කිරීමට මංගල උත්සාහ කළා.
යුද්ධය අවස්තාවේ “සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවකට හෝ සුදුසු නෑ” කියලා දකුණේ ජනතාව අතර හමුදාව පිළිබඳ කන්ෆිඩන්ස් එක බිඳින්න ඔහු ගොඩක් උත්සාහ කළා.
* මංගල හා ආගම
මංගල සමරවීර ඔහු හඳුන්වා ගත්තේ සැබෑ බෞද්ධයා කියලා.
ඔහුට ඒ වෙනුවෙන් කීමට බොහො දේ තිබුනා. ඔහු මුදල් ඇමති සමයේ “ආගමික ස්ථාන” වෙනුවෙන් මුදල් වෙන් කළා කියලා.
නමුත් ඒ ආගමික ස්ථාන අතර පන්සල් තිබුනේ ඉතා අඩුවෙන්. ඒ පන්සල් ටික පවා දේශපාලන සබදතා මත තෝරාගත් ඒවා.
නමුත් ඔහු සංඝයා වහන්සේලා සහ ගිහියන් අතර දැඩි බෙදීමක් ඇති කිරීමට උත්සාහ කළා.
ඔහුට දේශපාලනමය වශයෙන් විරුද්ධ භික්ෂූන් වහන්සේලාට ඉතා නින්දිත මඩ ගැහුවා.
ලංකාවෙ හමුදාව අමු අමුවේ පාවා දීපු චැනල් 9 ප්‍රශ්නය සහ ඔහුගේම ආණ්ඩු සමයේ සම අනුග්‍රාහකත්වයෙන් මානව හිමිකම් කොමිසමට ගෙනාපු 30/1 යෝජනාවට මුලිකත්වය ගත්තේ ඔහුමයි
…..
මේ අද අපෙන් වෙන්ව යන මංගල සමරවීර පිළිබඳ නොකියවෙන කතාව.
මේ කතාව ප්රසිද්ධියේ අප නොලියූවේ මිය ගිය පුද්ගලයෙකුගේ ගුණ, අගුන වින්ශිචය ඒ තරම් නොවන නිසයි.
නමුත් ඔහු නොවන පන්නයේ ගුණ කතා, අසාධාරණ වර්ණනා ලියවෙද්දි අපට මේ පරිච්ඡේදය ලිවීමට සිදු වුනා.
ඔහුට නිවන් සුව!
FACEBOOK සටහනක් ඇසුරෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button