GOSSIP NEWSVIRAL NEWS

“පක්ෂ නායකත්වය කරූට – විපක්ෂ නායකත්වය සජිත්ට” එජාපයේ තීරණාත්මක හමුව අද.!

ආන්දෝලනයට තුඩු දී තිබෙන විපක්ෂනායක ධුරය ඇතුලු ඉදිරි කි‍්‍රයාමාර්ග ගණනාවක් සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද (05) සවස තුනට රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීම පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වේ. ඉදිරි මාස කිහිපය සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

එහිදී බොහෝදුරට විපක්ෂනායක ධුරය සජිත් පේ‍්‍රමදාස මන්ත්‍රීවරයාට යෝජනා වීමට නියමිත වී ඇති අතර පක්ෂ නායකත්වය සම්බන්ධව මත කිහිපයක් දැනට ඉදිරිපත්ව ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් විපක්ෂ නායක සහ පක්ෂ නායක යන ධුර දෙකම සජිත් පේ‍්‍රමදාස මන්ත්‍රීවරයාට හිමි විය යුතු බව එජාපයේ සජිත් පාර්ශවයේ මන්තී‍්‍රවරුන්ගේ මතය වී තිබේ.

පක්ෂ නායක ධුරය නොලැබේ නම් විපක්ෂනායක ධුරය ද ප‍්‍රතික්ෂේප කළ යුතු බවට එම පාර්ශ්වය තීරණයක් ගෙන ඇත.

කෙසේ වෙතත් බොහෝ ඉඩ පවතින්නේ එජාප නායකත්වය කරු ජයසූරිය මන්ත්‍රීවරයාට ලබා දීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button