GOSSIP NEWSVIRAL NEWS

සජිත් පිල එජාප කෘත්‍යාධිකාරිය වර්ජනය කරයි

තවදුරටත් සාකච්ඡා කිරීම අනවශ්‍ය යැයි තීරණය කරමින් එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට එජාප සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ.

ඒ අනුව එජාප ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවම ගණපූර්ණයක් සහිතව පැවැත්වීමට සිදුව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ පවසන්නේ මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කර විසඳුමක් නොලද හෙයින් තවදුරටත් සාකච්ඡා කර පලක් නොමැති හෙයින් කෘත්‍යාධිකාරිය වර්ජනය කළ බවත්, මින් ඉදිරියට “සමඟි ජන බලවේගය” යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවය.

කෙසේ වෙතත් එජාප රනිල් පාර්ශවය පවසන්නේ අලියා ලකුණින් තරග කිරීමට සජිත් පාර්ශවය එකග වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button