BREAKING NEWSEXCLUSIVE
පාර්ලිමේන්තුවේදි බහුතර බලය පෙන්වා ගෝඨාභය පැරදවීමට එජාපය සුදානම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළඹෙන ජනවාරි මස 03දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු යළිත් වාරාවසාන කිරීමට කටයුතු කළහොත් එජාපය, ජවිපෙ හා දෙමළ සන්ධානය එක්වී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සුදානම් බව එජාපය සඳහන් කරනවා.
සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මේ බව සඳහන් කරනවා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ලබන ජනවාරි තෙවනිදා නැවතත් වාර අවසාන කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසනවා.
එසේ කළහොත් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය එක්වී බහුතර මන්ත්‍රී සංඛ්‍යාව බලය පෙන්වා පාර්ලිමේන්තුව නැවතත් රැස් කිරීමට සියල්ල සුදානම් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
මෙවරත් පාර්ලිමේන්තුව වාර අවසාන කළහොත් නැවතත් බලය පෙන්නුම් සූදානම් බවද ඔහු සඳහන් කළේය.