GOSSIP NEWSVIRAL NEWS
“ගෝඨා ජනපතිට ගැලපෙනම අගමැති සහකරුවා සජිත්” එජාපය අලුත්ම තේමාවකින් මහමැතිවරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය මීලඟ මැතිවරණය සඳහා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කරනවා.
‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් එම මැතිවරණය සදහා වන ප්‍රතිපත්ති ප්රකාශනය මේ දිනවල සකස් කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
අද වන විට ගැලපෙන්නේත් රට ඉල්ලන්නේත් ගෝටාභය-සජිත් සුසංයෝගය බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.