BREAKING NEWSEXCLUSIVE
හඬපට ආපදාවෙන් ගැලවෙන්න එජාපයෙන් අලුත් වැඩක් – රංජන් ලවා පිටපතකට අලුතෙන්ම හඬපට පටිගත කර මුදා හැරීමට යයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කොට තබාගත් හඬපට තොගයක් සමාජයට නිරාවරණය වීමත් සමග එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු ජනතාවට නිරාවරණය වෙමින් පවති.
එහිදි එක්සත් ජාතික පක්ෂයට වන හානිය අවම කිරීම සඳහාත්, මෙම තත්ත්වය දේශපාලනිකව වාසියකට හරවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කර තිබේ.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගේ යෝජනාවක් අනුව, සමාජයට නිකුත් වන සැබෑ හඬපට වෙනුවට රංජන් රාමනායක, ශානි අබේසේකර සහ තවත් නලුවන් කිහිප දෙනෙකු යොදවා තිර පිටපතකට අනුව අලුතෙන්ම හඬපට කිහිපයක් පටිගත කොට සමාජජාලා මාධ්‍යයන්ට නිදහස් කිරීමට කටයුතු කරමින් තිබේ.
සමාජය නොමග යැවීමටත්, රංජන් රාමනායකගේ සැබෑ හඬපට වල අඩංගු රහස් යටපත් කිරීමටත් හැකි ඉක්මණින් මෙලෙසට ව්‍යාජ හඬපට නිර්මාණය කොට පැතිරවීමටත් ඔවුන් සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.