GOSSIP NEWSVIRAL NEWS

එජාපයෙන් අලුත්ම තුරුම්පුවක් – ගෝඨාභය, මහින්ද විරසක කරවා ජය ගැනීමේ උපක්‍රමයක

එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පැමිණීම සඳහා දියත් කළ අලුත්ම සැලසුම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් හෙළිකර සිටිනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ගැටුමක් ඇති කර, ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා හුදකලා කර බලයට පැමිණිමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය විසින් දියත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ නැගෙනහිර අනුරාධපුරයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය නරකයි මහින්ද හොඳයි කී එක්සත් ජාතික පක්ෂය අද මහ මැතිවරණයේදී මහින්ද නරකයි ගෝඨාභය හොඳයි යැයි කියමින් සිටින බවත් එහිදී ප්‍රකාශ කළා.

ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයට වෙන කිසිදු උපායක් නැති බවත් ඇති එකම දෙය මහින්ද ගෝඨාභය විරසකයක් ඇති බව පෙන්වීම බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

රාජපක්ෂවරුන් අසමගි කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන්ටද කළ නොහැකි වුවත් දැන් සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button