BREAKING NEWSEXCLUSIVE

කෘත්‍යාධිකාරියේ බහුතරයෙන් එජාපයේ නව නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ බහුතර කැමැත්තෙන් සම්මත කර ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු කර ඇත.

ඊයේ පස්වරුවේ පැවැති අධිකාරි මණ්ඩලයට සාමාජිකයන් 37 දෙනෙකු සහභාගී වී ඇති අතර 58 දෙනෙකුගෙන් එම මණ්ඩලය සමන්විතය.

නමුත් ගනපූර්නය සම්පූර්ණ වීම හේතුවෙන් එම 37ගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්විණ.

පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා දැරීමටත් ඉදිරි මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් සහ අගමැති අපේක්ෂකයා ලෙසද ඔහු නම් කිරීමටද තීරණය කර ඇත.

පක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 20 දෙනකු පත් කිරීමට හැකියාව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් 96 දෙනෙකු නම් කල හැකිය.

අද කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට පෙර සජිත් පිලේ ප‍්‍රබලයන් 04 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කරන ලද අතර එය සජිත් පිල දැඩි පසුබෑමකට ලක් වූ බව දැනගන්නට ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button