BREAKING NEWSEXCLUSIVE
එජාපයේ නායකත්වය භාර ගැනීමට කථානායක සුදානම්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීමට එම පක්ෂයේ ප්‍රධාන නායකත්වය කටයුතු කර තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය අතර සති අන්තයේ දී මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන්හිදී මෙම තීන්දුව ගෙන ඇත.
එහිදී කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා බාරගැනීමට එකඟතාවය පළකර තිබෙන බව වාර්තා වේ.
කරු ජයසූරිය කතානායකවරයා විසින් මේ වන විටත් රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
එම ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ තීන්දුව ගැනීම සදහා තමනට දින දෙක තුනක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඉදිරි කාලයේදී කරු ජයසූරිය මහතාත් අගමැති අපේක්ෂක සහ නව සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.