BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS

කොවිඩ් වසංගතය ගැන එජාප නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්

අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දින 10කට රට වසා දැමීම ප්‍රමාණවත් නොවන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

වෛද්‍ය උපදෙස් අනුව දින 10කට රට වසා දැමීම ප්‍රමාණවත් නොවන අතර සැබෑ පරමාර්ථය ඉඩු කර ගැනීමට නම් තවත් සති දෙකක් පමණ රට වසා දැමීමකට යා යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් මේ පිළිබඳ වගකිව යුතු පාර්ශවයන් යළි යළිත් සිතිය යුතු බවට තමා අවධාරණය කරන බව රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

දින 10කට රට වදා දැමීම වෙනුවෙන් රජය ගත් තීරණයට සම්පූර්ණ සහය ලබාදෙන අතර රට වසා දැමීමේදී සිදුවන ආර්ථික හානිය පිළිබඳව ද සිතා බැලිය යුතු බවයි ඔහු කියාසිටියේ.

රට වසා දැමීමකදී සිදුවන ආර්ථික හානියට වඩා රට වසා දමා නොමැති අවස්ථාවකදී සිදුවන ආර්ථික හානිය වැඩි බවයි එජාප නායකයා පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම ගැටලුව විසඳා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම වන අතර ආර්ථිකය සහය ඔවුන්ගෙන් ලබාගත හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට ඒම සඳහා ඩොලර් කෝටි 72ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

එබැවින් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් තවත් සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට තමා යෝජනා කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්

ඇමරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (US Aid) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අප ගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ රාජා මහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිණිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා. කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබාගන්නා ජනතාව ගේ ප්‍රමාණය ඉහළ යන්නාසේම කොවිඩ් රෝගයට ගොදුරුවන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වන විට 5000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වන විට 8000 ට ආසන්න වී තිබෙන බව දැක ගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ක් බවට පත් වුණා.

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යා ලේඛනවලත් ගැටළු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. ඒ අනුව මෙරට තුල වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 5000 සීමාව ඉක්මවා ගියා.

කොවිඩ් ආසාදනය වීම සීග්‍රයෙන් පැතිර යාම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළු දැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වන විට දින 10 ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කර ගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළි යළිත් සිතිය යුතු යැයි මම අවධාරණය කරනවා.

රජය දින 10 ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමි වෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතා බැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි. එම නිසා මේ ආර්ථික ගැටළුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් I.M.F. සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි. එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි. ඒ වෙනුවෙන් රටවාසීන් සියළුදෙනා ගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button