BREAKING NEWSPOLITICS

නවීන් දිසානායක හා දයා ගමගේත් නායකත්වය ඉල්ලා සටනට – එජාප නායක රණ්ඩුව තවත් දරුණු වෙයි

එක්සත් ජාතික පක්ෂයට කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට විරුද්ධව මත කිහිපයක් ඉදිරිපත් වී තිබීම නිසා අර්බුදකාරී තත්ත්වයකට ලක්ව ඇත.

එජාප ඇතැම් පිරිස් මෙම යෝජනාවට සහාය පළ නොකිරීම හේතුවෙන් නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නවීන් දිසානායක හා දයා ගමගේ මහතාගේ මහත්වරුන්ගේ නම්ද යෝජනා යෝජනා කිරීමට සූදානම් වෙමින් සිටී.

පිරිසක් යෝජනා කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ නායකත්ව මණ්ඩලයක් මගින් පක්ෂ අර්බුදය විසදාගෙන බවයි.

තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ නායකත්ව මණ්ඩලයට තදින් විරුද්ධ බවත් පක්‍ෂ නායකත්වය මහ මැතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවත්ය.

කෙසේ නමුත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුකූලව ඇති තත්ත්වය නම් 2025 වනතුරු පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සඳහා පක්ෂ මහ සමුළුවේ දී යෝජනාවක් සම්මත කර ගෙන තිබීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button